බාලවයස්කාර ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම ගැන විශේෂ විමර්ශනයක්

බාලවයස්කාර ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම ගැන විශේෂ විමර්ශනයක්

බාලවයස්කාර ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම ගැන විශේෂ විමර්ශනයක්

කර්තෘ Staff writer

24 Jul, 2021 | 12:22 pm

COLOMBO (News 1st) – වයස අවුරුදු 16ට අඩු ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇති බවය.

මේ අතර මෙහෙකාර සේවය අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

කම්කරු දෙපාර්තමේන්තුව, ළමා ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන ඊට අදාල සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]