by Staff writer 24-07-2021 | 7:59 AM
COLOMBO (News 1st) – අම්පාර, වව්නියාව, හම්බන්තොට, වතුපිටිවල සහ පොළොන්නරුව ප්‍රදේශවල නව රසායනාගාර ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා සඳහන් කළේ , කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණවල වාර්තා කඩිනමින් ලබා දීම සඳහා එම රසායනාගාර ස්ථාපිත කෙරෙන බවයි.
දැනට මෙරට තුළ ඇති රසායනාගාර සංඛ්‍යාව 39 කි.
නව රසායනාගාර ස්ථාපිත කිරීමෙන් අනතුරුව දෛනිකව සිදු කරන PCR සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවිය හැකි බව ද, ඔහු පැවසුවේ ය.
පසුගිය මැයි මාසයේදී මෙරට තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 07 ක් පමණ වේ.
ජුනි මාසයේදී පමණක් මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 50 කට අධිකය.