අනිකා ගෆූර් මූලික වටයේ කාල ගණනයේදී 32වැනි ස්ථානයට

අනිකා ගෆූර් මූලික වටයේ කාල ගණනයේදී 32වැනි ස්ථානයට

අනිකා ගෆූර් මූලික වටයේ කාල ගණනයේදී 32වැනි ස්ථානයට

කර්තෘ Staff writer

24 Jul, 2021 | 6:27 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ අනිකා ගෆූර්, මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකට සහභාගී වෙමින්, දෙවැන්නා ලෙස තරග අවසන් කළාය.

ඒ සඳහා ඇයට ගත වූ කාලය මිනිත්තුවයි තත්පර 5 යි දශම 3 යි 3 කි.

කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්ව සඳහා මූලික වටයේ තරග 5 ක් පැවැත්වුණු අතර එහිදී හොඳම කාල ගණනයන් වාර්තා කළ ක්‍රීඩිකාවන් 16 දෙනා පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය.

කාල ගණනය අනුව අනිකා ගෆූර්ට හිමි වූයේ 32 වැනි ස්ථානයයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]