වාර්තා වන මරණ අතරින් බහුතරයක් එන්නත ලබා ගත්ත නැති අය - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

by Staff writer 23-07-2021 | 9:33 PM

COLOMBO (News 1st) - කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාව අද මාධ්‍ය ඉදිරයේ අවධාරණය කළේය.

අපි ජනතාවට කියන්නේ අවදානම පහවෙලා නැහැ. සුළුවෙන් රෝගීන්ගේ වැඩි වීමක් තියෙනවා. මරණවල පොඩි වැඩි වීමක් තියෙනවා. හැබැයි එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක වීගෙන යනවා. සෑම දිස්ත්‍රීක්කයක්ම ආවරණය වෙන ආකාරයට 30 ට වැඩි ජනතාවට දැන් කඩිනමින් එන්නත්කරණය කරගෙන යනවා. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා තවමත් එන්නත ලබාගෙන නැත්නම් ළඟම තියෙන තමුන්ගේ සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලයත් එක්ක සම්බන්ධීකරණය කරලා එන්නත් පිළිබඳ දැනගෙන එන්නත ලබාගන්න කියලා. මේ එන්නත්කරණය හරහා මාත්‍රා දෙකම ලබා ගත්තම මරණයෙන් බේරෙන්න හැකියාව ලැබෙනවා. අද වාර්තා වන මරණ අතරින් බහුතරයක් එන්නත ලබා ගත්ත නැති අය සහා සංකූලතා තියෙන අය තමා මරණයට පත්වෙලා තියෙන්නේ .