by Staff writer 23-07-2021 | 9:13 PM
COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 43ක් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 26 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන් වේ.
මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 08 දෙනෙකු සිටින අතර ඉතිරි 35 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.