COLOMBO (NEWS1ST) : මෙරටින් මේ වනවිට වාර්තා වන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය වැළඳුණු කොරෝනා ආසාදිතයින් ගණන 61 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, මෙතෙක් ලබා ගත් සාම්පල්වලින් ය.
මේ අතර, කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද මාධ්‍ය හමුවක් පැවැත්විය.
ප්‍රශ්නය -
පහුගිය ටිකේම අසාදිතයින් වැඩිවුණේ මේ ඩෙල්ටා ප්‍රභේදය හින්දද?
විශේෂඥ වෛද්‍ය රංජීත් බටුවන්තුඩාව මහතා,
ඒක විය හැකි. එහෙම වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා ඩෙල්ටා ප්‍රභේදය අනික් ප්‍රභේදවලට වඩා ඉතාමත්ම සීඝ්‍රයෙන් පැතිරෙනවා.ඉන්ෆෙක්ටිවිටි එක වැඩි කියලා . ඒ කියන්නේ පිටරටවල්වල කළපරික්ෂණවලින් කිව්වේ 60%ක් 70% ක් දක්වා ඉන්ෆෙක්ටිවිටි එක වැඩි කියලා ඇල්ෆා ප්‍රභේදයට වැඩිය.
ප්‍රශ්නය -
බොහෝ රටවල්වල ඩෙල්ටා ප්‍රභේදය පැතිර යනවා, ලංකාවේ තත්ත්වය කොහොමද?
විශේෂඥ වෛද්‍ය රංජීත් බටුවන්තුඩාව මහතා,
ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා මේ අනාගතයේ මුළු ලෝකයම ප්‍රබලතම ඒ කියන්නේ වැඩියෙන්ම පැතිර යන ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය කියලා. ලංකාවෙත් එසේ සිදු විය හැකි. ලංකාවේ දැනට ඒ ව්‍යාප්ත වීම ගැන සොයා බලාගෙන යනවා. දැන් නෙමෙයි කලින් ඉඳලම ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වෙනකොටම ඒ ගැන අවශ්‍ය කටයුතු කළා. පෙර සූදානම් කටයුතු කරලා තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ මේ මිනිස්සුන්ගේ හැසිරීම් රටාත් එක්ක තමා මේක කොයි තරම් දුරට පැතිරෙනවාද අපට කොයි තරම් දුරට පාලනය කරගන්න පුළුවන්ද කියන එක රඳා පවතින්නේ