කියුබානු ආරක්ෂක ඇමතිට අමෙරිකාවෙන් සම්බාධක

කියුබානු ආරක්ෂක ඇමතිට අමෙරිකාවෙන් සම්බාධක

by Staff writer 23-07-2021 | 12:45 PM

COLOMBO (NEWS1ST) : කියුබාවේ ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනෙකුට අමෙරිකාව සම්බාධක පනවා තිබේ.

ඒ, පසුගිය කාලයේ පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මර්දනය කිරීමේදී මානව හිමිකම් උල්ලංඝණය වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාව යටතේයී. එය ආරම්භයක් පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ කියුබානු ජනතාවට හිංසා කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව අඛණ්ඩව පියවර ගන්නා බවයි.