මෙහෙකාර සේවයේ සිටි 16 හැවිරිදි දැරියගේ මරණය : හිටපු ඇමති රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු 3 දෙනෙක් අත්අඩංගුවට

මෙහෙකාර සේවයේ සිටි 16 හැවිරිදි දැරියගේ මරණය : හිටපු ඇමති රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු 3 දෙනෙක් අත්අඩංගුවට

මෙහෙකාර සේවයේ සිටි 16 හැවිරිදි දැරියගේ මරණය : හිටපු ඇමති රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු 3 දෙනෙක් අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

23 Jul, 2021 | 8:13 am

COLOMBO (NEWS1ST) : මෙහෙකාර සේවයේ  සිටි 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සුම් තුවාල සහිතව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ, බිරිඳගේ පියා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට අමතරව දැරිය කොළඹට රැගෙන ආ ඩයගම ප්‍රදේශයේ පදිංචි තැරැව්කරු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබා ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

මෙම සිද්ධියට අදාළව විමර්ශන පැවැත්වූ බොරැල්ල පොලීසිය, කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය ඊට අදාළව ප්‍රකාශ 20 කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති බවත් විමර්ශන සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරුණු, පරිවේෂණීය සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි , තාක්ෂණික සාක්ෂි සහ බැංකු වාර්තා ආදිය ද උපයෝගි කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා සඳහන් කළේ ය.

ඒ අනුව මේ සම්බන්ධ පූර්ණ විමර්ශනයේදී දැරිය කෘෘරත්වයට භාජනය කර ඇති බවත්, දැරිය කොළඹට රැගෙනවිත් කෘෘරත්වයට භාජනය කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළඳාම නමැති වරද සිදු කර ඇති බවට ත් අනාවරණය වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන සඳහා සහය වීමට සහය වීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතාගේ  ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]