home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ශ්‍රී ලංකා මුහුදට නුදුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉන්දීය හා බ්‍රිතාන්‍ය නාවික හමුදා තුන්දින ඒකාබද්ධ යුද අභ්‍යාසයක..
by Staff writer
22-07-2021 | 9:54 PM
COLOMBO (News 1st) - Sea of Sri Lanka හෙවත් ශ්‍රී ලංකා මුහුදට නුදුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉන්දීය හා බ්‍රිතාන්‍ය නාවික හමුදා තුන්දින ඒකාබද්ධ නාවික යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.
බ්‍රිතාන්‍යයේ විශාලතම යුද නෞකාවක් වන එච්.එම්.එස් ක්වීන් එළිසබෙත් නෞකාව සිය බලඝණය සමගින් මෙම යුද අභ්‍යාසයට එක්ව සිටී. ඉන්දු - පැසිෆික් කලාපයේ සිය සහයෝගිතාව වැඩිදියුණු කිරීමට සහ කලාපීය රටවල් සමග ආරක්ෂක සබඳතා වර්ධනය කිරීම බ්‍රිතාන්‍ය මේ මගින් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම වාර්තාවල සඳහන් වූයේ, මෙම කාර්ය සාධක කණ්ඩායම මීළඟ අදියරේදී මතභේදාත්මක දකුණු චීන මුහුදට යාත්‍රා කිරීමට සූදානමින් සිටින බවයි. කලාපයේ චීන ක්‍රියාකාරකම් ද සැලකිල්ලට ගනිමින් මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය සිදුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ අතර ඉන්දියාව වැඩි දියුණු කළ යුද ටැංකි නාශක සැහැල්ලු මිසයිලයක් ඊයේ සාර්ථකව අත්හදා බලා තිබේ. මෙය ඔවුන්ගේ සාම්ප්‍රදායික නිෂ්පාදනයක් වූ ආකාශ් මිසයිලයේ තුන්වන පරම්පරාවේ වැඩි දියුණු කළ මිසයිලය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
වෙනත් ලිපි
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය