by Staff writer 22-07-2021 | 4:48 PM
COLOMBO (News1st) : වත්තල ප්‍රදේශ රැසකට ලබන සඳුදා(26) පෙරවරු 10.00 සිට පසුදින පෙරවරු 10.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, වත්තල - මීගමුව පාරේ කොටසකට, මාබෝල කොටසකට , වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද මංසන්ධිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම ,මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව , කෙරවලපිටියේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති.
වත්තල ජල සම්පාදන ක්‍රමය මගින් හැඳල පාලම හරහා සිදු කෙරෙන කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතු වී තිබේ.