by Staff writer 22-07-2021 | 6:07 PM
COLOMBO (News1st) : මෙරට වරායන්ට පැමිණෙන නැව්වලින් බැහැර කරන දැවිතෙල් නිසා සිදුවන පරිසර හානිය වැළැක්වීමට කරුණු සොයා බැලීම සඳහා, අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ තිබේ.
කමිටුවට, මධ්‍යම පරිසර අධිකාරිය , ඛනිජ තෙල් සංස්ථාව , සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරිය හා දැවිතෙල් ආශ්‍රිත ව්‍යාපාරවල නිරත නියෝජිතයින් ඇතුළත් ය.
අපේ රටේ හැර අනෙක් සියලුම රටවලදී කිසියම් නැවක් දැවිතෙල් බැහැර කරන්නේ නම්, ඒ රටට සිදුවන පාරිසරික හානිය නිසා අදාළ නැව්, ඊට අදාළව මුදලක් එම රටට ගෙවිය යුතු ය.
නමුත් ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන්නේ මුදල් ගෙවා දැවිතෙල් ලබා ගැනීමයි.
එම අවිධිමත් ක්‍රියාව හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.