දෙහිවල සත්තු වත්ත, රිදියගම සෆාරි සඳුදා සිට විවෘතයි

දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය ලබන සඳුදා සිට විවෘත කෙරේ..

by Staff writer 22-07-2021 | 4:53 PM

COLOMBO (News1st) :  දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය මහජනතාව සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර ති‌බේ .

ඒ අනුව, දෙහිවල සත්වෝද්‍යානය ලබන සඳුදා සිට දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබෙනු ඇති. රිදියගම සෆාරි උද්‍යානය ද ලබන සඳුදා සිට පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘත කර තැබේ. පසුගිය මැයි මාසයේ සිට කොවිඩ් 19 හේතුවෙන් මෙම උද්‍යාන වසා දැමුණි.