තවත් කොරෝනා මරණ 42ක්..

තවත් කොරෝනා මරණ 42ක්: මියගිය පිරිස අතර අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුත්..

by Staff writer 22-07-2021 | 8:20 PM

COLOMBO (News1st) : මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 42 ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(21) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 25 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන් වේ. මියගිය පිරිස අතරින් එක් අයෙකු වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකි. මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 06 දෙනෙකු සිටින අතර ඉතිරි 35 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.