චීන ගංවතුරෙන් මිය ගිය ගණන 25 ක් දක්වා ඉහළට

චීන ගංවතුරෙන් මිය ගිය ගණන 25 ක් දක්වා ඉහළට

by Staff writer 22-07-2021 | 8:30 AM

COLOMBO (News1st) : මධ්‍යම චීනයේ ෂෙන්ෂු පළාතට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 25 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, හත් දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි. අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ ෂෙන්ෂුහි උමං දුම්රිය මාර්ගද ජලයෙන් යටව තිබේ. සොල්දාදුවන්ගේ උපරිම පරිශ්‍රමයෙන් අනතුරුව ෂෙන්ෂුහි පදිංචිකරුවන් 200,000කට ආසන්න සංඛ්‍යාවක් බේරා ගැනීමට සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධික වර්ෂාවත් සමග කුණාටු තත්ත්වයක් ද හටගෙන ඇති බවයි. හදිසි තත්ත්වයත් සමග මුදාගැනීමේ කණ්ඩායම් යොදවා තිබේ. චීන ජනපති ෂී ජින් පින් මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් පවසා ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බවයි.