ගැටලුවලට විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පතිවරු කොළඹට...

by Staff writer 22-07-2021 | 4:06 PM

COLOMBO (News1st) :  ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත හකුලාගැනීම ඇතුළු කරුණු මුල් කරගනිමින් අද විරෝධතාවයක් පැවැත්විණ. 

ඒ , කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදීය. මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනේ ගුරු - විදුහල්පති වෘත්තිය සමිති එකමුතුවයි. ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් වෘත්තිය සමිති 30 ක් එක්ව සිටී. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, වසර ගණනාවක සිට ගුරුවරුන් වැටුප් විෂමතා හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි. එමෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත මගින් අධ්‍යාපනය පෞද්ගලීකරණය වීමේ අවදානමක් ඇති බව ද විරෝධතාකරුවෝ පෙන්වා දෙයි. කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස පාගමනින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණියේ ය.