Pegasus ඔත්තු බැලූ වින්දිතයින් අතර ප්‍රංශ ජනපතිත්

Pegasus හරහා ඔත්තු බැලූ වින්දිතයින් අතර ප්‍රංශ ජනපතිත්

by Staff writer 21-07-2021 | 11:10 AM
COLOMBO (NEWS1ST) : පෙගසස් මෘදුකාංගය භාවිත කරමින් ඔත්තු බැලීමේ වින්දිතයින් බවට පත්වූවන්ගේ ලැයිස්තුවට ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන් ද ඇතුළත් බව අනාවරණය වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම මෘදුකාංගය හරහා 2017 වසරේ සිට ප්‍රංශ ජනාධිපතිවරයාගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවට සැක කෙරෙන බවයි. ඉරාක ජනාධිපති බරම් සාලී සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ද වින්දිතයින්ගේ ලැයිස්තුවට ඇතුළත් ය. ඊට අමතරව පකිස්තානය, ඊජිප්තුව සහ මොරොක්කෝවේ වත්මන් අග්‍රාමාත්‍යවරුන්ගේ මෙන්ම මොරොක්කෝ රජුගේ තොරතුරු අදාළ මෘදුකාංගය හරහා ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ. හැකර්වරුන්ගේ ඉලක්ක අතරට, රටවල් 34 ක දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළත් ය.