සංචාරක ක්ෂේත්‍රයේ ණය සහනය දීර්ඝ කෙරේ

සංචාරක ක්ෂේත්‍රයේ ණය සහනය දෙ. 31 තෙක් දීර්ඝ කෙරේ

by Staff writer 21-07-2021 | 10:28 AM

COLOMBO (NEWS1ST) : කොරෝනා හමුවේ පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ පුද්ගලයින්ගේ ණය සහනය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

මේ, ඒ සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව අදහස් පළ කරමින් සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, හෝටල් ක්ෂේත්‍රයේ මිලියන 300 කට වඩා ණය ප්‍රමාණයක් පවතින බව ත් බහුතර පිරිසක් වාණිජ බැංකු හරහා මෙම ණය ලබා ගෙන ඇති බැවින් වාණිජ බැංකු ද දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි. මේ අතර මේ වාණිජ බැංකුවල ණය පියවීම සඳහා ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනදායි ණයක් ලබා ගන්නා ලෙස සංචාරක අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ. අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ, පසුව අදාළ මුලු  ණය ප්‍රමාණය ම  නැවත අලුත් ණයක් ලෙස අදාළ වාණිජ බැංකුවල ලියාපදිංචි කරවිය හැකි බවයි.