by Staff writer 21-07-2021 | 9:33 PM
COLOMBO (News 1st) - කෝටි 05 ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 500 ක් අද(21) මීගමුවේදී සොයාගෙන තිබේ.
ඒ, අද අලුයම 4.00 ට පමණ මීගමුව රොසරි පාර, වෙරළ තීරයේ තිබී සැකකටයුතු පාර්සල් කිහිපයක් පරීක්ෂා කළ අවස්ථාවේදීය.
පොලීසිය සැක කරන්නේ ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් මෙම කේරළ ගංජා තොගය මෙරටට රැගෙන එන්නට ඇති බවය.