COLOMBO (News 1st) - විශ්වාසභංගය පරාජය කළ මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තීන්දුවක් ගනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, අද පැවති විරෝධතාවකට එක්වෙමිනි.
"මර්දනයට යටත් නොවෙමු, රට වනසන ජන පීඩක ආණ්ඩුව එලවමු." යන තේමාවෙන් සමගි ජන බලවේගය අද(21) දිවුලපිටිය ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විරෝධතාවට සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා
ඊයේ දවසේ, තුනෙන් දෙකකින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කියා සිටියා තෙල් මිල ඉහළ දාන එක හොඳයි කියලා. ඒ ඔක්කොම ආණ්ඩු පක්ෂය. ඒ අය තමයි තෙල් මිල ඉහළ දානවට අත ඉස්සුවේ. ඊයේ දවසේ අපේ සහෝදර මන්ත්‍රීවරයා මනුෂ නානායක්කාර මැතිතුමා එළිදරව්වක් කරා පොලිස් ක්ෂේත්‍රය තුළ සිදුවන ආරක්ෂක ක්ෂේත්‍රය තුළ සිදුවන අයථා ක්‍රියා පිළිබඳව. ජනතාව වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරලා මොහොතක්වත් ගත වුණේ නෑ මන්ත්‍රී දඩයම පටන් ගත්තා. අහංගම පොලීසියයි හබරාදුව පොලීසිය නිලධාරීන් ඉහළින් කිව්වලු මනුෂ ගැන හොයන්න තියෙන හැමදේම හොයන්න කියලා. සමගි ජන බලවේගයේ අපි මන්ත්‍රී දඩයමට බය වෙන්නෙ නෑ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් කියන එක මං මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
සමගි ජන බලවේගයේ සභාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,
තුනෙන් දෙකක් තිබුණා කියලා පාර්ලිමේන්තුවේ තව අවුරුද්දක් දෙකක් පිස්සු හදාගෙන ආණ්ඩු පක්ෂය ගිය අත උස්සලා පරාද කළේ මේ රටේ ඉන්න ජනතාවගේ හදගැස්ම. මේක පරාද කරාවි කියලා ඒගොල්ලෝ මෝඩ ආතල් එකක් ගත්තට රටේ ජනතාව අවශ්‍ය වෙලාවට ඒගොල්ලන්ට තීන්දුවක් දෙයි.
ප්‍රශ්නය,
ඔබතුමාලගේ ප්‍රධාන මන්ත්‍රීවරුන්ගේ වෙලාවේ සභාවේ හිටියේ නෑ නේද හරීන්ලා ?
පිළිතුර,
ඔක්කොමල හිටියා හරීන් ප්‍රනාන්දු මහතා සනීප නැති ප්‍රශ්නයක් තියෙනවා. එයා වෛද්‍ය ආධාර සඳහා ගිහිල්ලා තියෙනවා ඒ ඇරෙන්න අනිත් ඔක්කොම හිටියා.
ප්‍රශ්නය,
ඉදිරි ජනාධිපතිවරණය ඔබතුමාලා තරග කරද්දී සහයක් ගහන්න බලාපොරොත්තුවක් තියෙනව ද ?
පිළිතුර,
ගියේ විරුද්ධ පක්ෂය ඔක්කොම පක්ෂ අපිත් එක්ක එකතුවෙලා අත ඉස්සුවා ඒකට අපේ විශ්වාසභංගයට සහය දුන්නා ඒ අය අපිට විශ්වාසයි ඉදිරියේදී මේ රජයේ පරාද කරන්න තියෙන හැම මැතිවරණයකදීම අපි එක්ක හිටගනී කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇරෙන්න. එහෙම නම් තව පිස්සු දෙන්නෙක් විතර ඕක ඇතුළේ හිටිය නං කවදාවත් දෝෂාභියෝගයක් ගෙන්න හම්බෙන්නෑ