COLOMBO (News 1st) - පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මාස 27 ක් පිරීම සිහි කැඳවමින් අද(21) විරෝධතාවක් පැවැත්විය.
මීගමුව පුරවැසි එකතුව විසින් මෙය සංවිධානය කර තිබුණි.
කටුවාපිටිය, බාල්දිය හන්දියේ සිට පල්ලිය හන්දිය දක්වා පාගමනින් පැමිණි පිරිස අවධාරණය කළේ, ප්‍රහාරය පිළිබඳව සාධාරණය ඉටුවිය යුතු බවයි.
අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සහ විනිවිද භාවයකින් පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු බව ද ඔවුන් අවධාරණය කළේ ය.
සමාජ හා සාමූහික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ගරු රොහාන්ද සිල්වා පියතුමා,
අපේ ප්‍රධාන අරමුණ මහ මොළකරු සොයාගන්ඩ එහෙම නොවුනොත් එහෙම අපේ රට ඉතාම අනතුරේ කියන පණිවුඩය අපි දෙන්නේ ඒ වගේම මේ ව්‍යසනයෙන් පීඩාවට පත්වුණු ජනතාවත් සමගි අපි සිටින බව ප්‍රකාශ කරන්නටත් ඔවුන් සමග නැගි සිටින බව ප්‍රකාශ කරන්නටත් ඔවුන් වෙනුවෙන් වෙනුවෙන් පෙනි සිටින බව ප්‍රකාශ කරන්නටත් අපි මේ අවස්ථාව උදාකර ගන්නවා.
අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව බ්‍රිටෝ ප්‍රනාන්දු,
අද අපි මේකෙන් පස්සේ කටුවාපිටියේ ජනතාවට ගිහිල්ලා කියනවා. මාසයක් තුළ මේ කියන විදිහට උත්තර දෙන්නේ නැත්නම් අපි තවත් කල් දිදි ඉන්නවාද කියලා.මේකේ අපි හොඳටම හෙයලා බලන්න ඕනේ මේ බෝම්බ ප්‍රහාරයේ දේශපාලන වාසිය කාටද අන්න ඒක හොයාගත්තොත් අපි කියනවා මහ මොළකරු ඉන්නේ එතන. ක්‍රමන්ත්‍රණය තියෙන්නේ එතන. දැන් අපි අද මේ කරන්න හදන්නේ කටුපිටියේ ජනතාවත් ඒකරාෂි කරලා කාදිනල්තුමාට කියන්න මේ මාසේ තුළ එයා බලාපොරොතු වෙන උත්තරය ආණ්ඩුවෙන් ලැබුණේ නැත්නම් මොකද කරන්නේ කියන ප්‍රශ්නේ අපි මතු කරන්න හදන්නේ කවුරු ඇතැරියත් මේ කාරණය නැවත මේ සිදුවීම් වළක්වා ගැනීම සඳහා අපි දිගින් දිගටම කටයුතු කරනවා.
විරෝධතාවයෙන් පසුව කටුවාපිටිය දේවස්ථානය අවට නිවෙස්වලට ගිය පිරිස ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් හමුවී සාකච්ඡා කර ඇත.