COLOMBO (News 1st) - දීර්ඝ සති අන්තයේ සංචරණ සීමා පැනවීමේ කිසිදු තීරණයක් මේ වනවිට ගෙන නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ, ඇතැම් සීමා ලිහිල් කිරීම් අවභාවිත කරන්නේ නම් විවාහ මංගල ඇතුළු කටයුතු වහාම නැවැත්වීමේ තත්ත්වයක් ඇති විය හැකි බවයි.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා,
ඩෙල්ටා ප්‍රභේදය යම් යම් ස්ථානවලින් හමුවෙලා තිබෙනවා. නමුත් අපේ වගකීමක් වෙනවා එවැනි ප්‍රභේදයක් රට තුළ කීපදෙනෙක් හෝ හමුවී තිබෙන පසුබිමක වුණත්, කොවිඩ් ආසාදනය නොවී ජීවත්වීමට වගබලා ගැනීමට. ඒත් එක්කම සමහර සීමාවන් යටතේ පවත්වාගෙන යාමට දුන් සමහර අවසරයන් අවභාවිත කරන බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම මංගල උත්සව. 150 ක සීමාවට යටත්ව එම විවාහ මංගල්‍ය පවත්වාගෙන යන්න කිව්වත්, අපිට ආරංචි වෙනවා සමහර ස්ථානවලදී ඊට වඩා වැඩි සංඛ්‍යාවක් යොදවා මෙය අවභාවිත කරමින් විවාහ මංගල්‍ය උත්සව පවත්වනවා කියලා. ඉතින් එවැනි තත්ත්වයක් ඇති වුණොතින් තවදුරටත් මීට ඉස්සරත් විවාහ මංගල සහ එවැනි හමුවීම්වලින් තමයි කොවිඩ් පැතිරෙන්න කටයුතු වුණේ. ඉතින් ඒ ආකාරයක් ඇති වුණොත් මෙය වහාම නවත්වන්නත් තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී වෙනත් සංචරණ සීමා පැනවීමට දැනට තීරණයක් අරගෙන නැහැ. නමුත් ඒ කෙසේ වෙතත් ඕනෑම අවස්ථාවකදී අවශ්‍යතාව අනුව සීමාවන් පැනවීමට කටයුතු කරනු ලබනවා.