.webp)
අපි දැක්කා අද කර්මාන්තශාලාවක එක සිය ගාණක් හිටියා. ඒකේ පස් දෙනෙක් ඩෙල්ටා පොසිටිව් වුණා. එතකොට මම විශ්වාස කරන්නේ නැහැ ඒ කර්මාන්තශාලාවේ එක සිය ගාණකම ඩෙල්ටා තියෙනවාද කියන එක බැලුවා කියන එක. බලපු කට්ටියෙන් 5 දෙනෙක් පොසිටිව් වෙන්න ඇති. සාමාන්‍ය පී.සී.ආර් පරීක්ෂණයකදී ඩෙල්ටා ආසාදිතයෙක්ද නැද්ද කියන එක අපිට ලැබෙන්නේ නැහැ. අපි දන්නේ කෝවිඩ්ද? නැද්ද කියන එක විතරයි. අපිට දැන් තියෙන හැටියට අපිට සම්පුර්ණයෙන්ම එන්නත් කරලා තියෙන ප්‍රමාණය මදි අපිට ආරක්ෂිතයි කියලා අදහසක් ලබා ගන්න.සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා,
මට වසංගත රෝග විද්‍යා අංශය සමග සාකච්ඡා කරන්න ලැබුණේ ඊයේ දවසේ. ඒ වන කොටත් අපිට හරියටම දැනගන්න ලැබුණේ අවසාන වශයෙන් දැනගන්න ලැබුණේ රෝගීන් 38 දෙනා ගැන තමයි. ඉන් අනතුරුව රෝගීන් තව යම්කිසි ප්‍රමාණයක් සැක සහිතව පරීක්ෂණ කරන බවත් ඒ රෝගීන්ගේ සමීපතමයින් නිරෝධායනයට සහ අයිසොලේෂන්වලට යොමු කර ඇති බව දැනගන්නට ලැබුණා.
කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළේ තත්ත්වය කුමක් ද?
එන්නත්කරණ කටයුතු අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු විය. මුරුතලාව, පෑලව විද්‍යාලයේ දී අද එන්නත්කරණ කටයුතු සිදු වුණේ යටිනුවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙනි. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි සියලුම පුද්ගලයින්ට එන්නත් ලබාදීම මේ මාසය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි. මේ වනවිට දිවයිනට ලැබී ඇති සමස්ත එන්නත් ප්‍රමාණය මිලියන 11 කට ආසන්න බව ද ඔහු පැවසුවේ ය. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් හෙට දිනයේත් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. ඒ අනුව මෙරටට ගෙන ආ සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලක්ෂ 91 කි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා,සමහර වෙලාවට වැඩිහිටියෝ හිතනවා එන්නතක් ලැබුණාම ඒගොල්ලන්ට ලොකු ආරක්ෂාවක් තියෙනවා කියලා. ඒ පුද්ගලයාට රෝගී තත්ත්වය ඇතිවීමේ ආරක්ෂාවක් තියෙනවා. නමුත් ප්‍රධාන ප්‍රශ්නය තියෙනනේ ඒගොල්ලන්ගෙන් අනිත් අයට රෝගය බෝ කිරීමේ හැකියාවේ සියයට සියයක් නවතින්නේ නෑ. ස්වසන පද්ධතියට රෝගකාරක විෂබීජය ඇතුළු වුණොත් එක දවසක් ඔවුන්ගේ ස්වසන පද්ධතියේ තියෙන්න පුළුවන්. ඒ අතර කාලයේදී ඔවුන් වටේට මේ රෝගී තත්ත්වය පතුරුවන්න පුළුවන්.