චීනයට ගංවතුර... පුද්ගලයින් 12ක් මියයයි

චීනයට ගංවතුර : පුද්ගලයින් 12ක් මියයයි, දහස් ගණනක් අවතැන්...

by Staff writer 21-07-2021 | 10:52 AM

COLOMBO (NEWS1ST) : චීනයේ මධ්‍යම ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

හෙනන් පළාතේ පමණක් අවතැන්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව දස දහසකට අධික වන අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 1 44,660 කි. අඛණ්ඩව ඇඳ හැළෙන ධාරාණිපාත වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වය වැඩි විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.