ඉදිරි සති 2,3 තුළ සහල් මිල අඩු කිරීමට නීති ගෙනෙන බව ඇමති බන්දුල කියයි

by Staff writer 21-07-2021 | 2:44 PM

COLOMBO (NEWS1ST) : ඉදිරි සති දෙක තුන තුළ සහල් මිල අඩු කිරීමට නීති සම්පාදනය කරමින් ඇතැයි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසුවේ, රුපියල් 20කට වඩා වැඩි මුදලකින් සහල් මිල අඩු කිරීමට අවශ්‍ය නීති රීති වෙනස් කර ඇති බවයි. වැඩි මිලට සහල් අලෙවි කළහොත් දඩය ලක්ෂයක් දක්වා ඉහළ දමා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. තව ද නඩු සහ කැකුළු සහල්වල මිල රු.100 කට වඩා වැඩි වීමට කිසිසේත් ඉඩ නොතබන බව ට ද අමාත්‍යවරයා සහතික විය.