COLOMBO (News 1st) - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවන්නේ මේ වනවිට කොවිඩ්, ඩෙල්ටා ප්‍රභේදය රට තුළ සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති බවය.
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ඒ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න,
අද වනවිට කොළඹ නගර සභාව තුළ සියයට 30 ක් පමණ ඉන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක තමයි අපට හිතාගන්න පුළුවන් වෙන්නේ දැනට තියන දත්තවලින්. ඒ ගොල්ලන්ගේ කෙලවල තියන වෛරස් ප්‍රමාණය ඉතාමත්ම වැඩියි, ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය බෝවෙන ප්‍රවණතාවය ඉතාමත්ම වැඩියි අනිත් ඒවට වඩා, ඒ නිසා ඩෙල්ටා ප්‍රභේදය වැඩිකල් නොගොස් අපේ රටේ සියයට 50 කට වඩා ජනතාවකගේ වෛරස්වලට හේතු කාරණා වෙලා, ඒක තමයි මූලිකම රෝගය බවට පත්වෙන්නේ කියන එක අපට සැකයකින් තොරයි. රට ඇරලා සාමාන්‍ය විදිහට හැසිරෙනවා නම් එහෙම, මේ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් මාසයක් ඇතුළදී හරි සුමාන දෙකක් ඇතුළතදී හරි අපේ රටපුරාම මේක පැතිරෙන්න පුළුවන් කියන එක අපි අනිවාර්යෙන්ම දන්නවා.
එන්නත්කරණ ක්‍රියාවලියෙන් මේ අභියෝගයට මුහුණදිය නොහැකි ද?
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න,
අපේ රටේ වැඩිහිටියන්ම ඉන්නවා සියයට 15 ක් විතර, මේ වෙද්දි සම්පුර්ණ එන්නත්කරණය වෙලා තියෙන්නේ සියයට 08ක් වගේ. ඉතිං ඒකෙන් කියවෙනවා අපේ රටේ බොහෝ අය තවම එන්නත ලබාගෙන නෑ කියන එක. ඒ නිසා එක හේතුවක් එන්නතින් අපට තියන ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය නොහැකියි. සෑම දිනකම රෝගින් 40ක් 50 ක් ප්‍රමාණයක් රටේ ජීවිත්ෂයට පත්වෙනවා. අපි 50 ක් කියන උපකල්පනයකින් ගාණ හැදුවොත් අපි දන්නවා ඒකෙන් කිය වෙනවා සියයට 2 ක් ජීවිතක්ෂයට පත්වෙනවා කිව්වොත් අපේ රටේ දැන් මේ වෙනකොට දහදාහක් රෝගින් ඉන්නවා. අපේ රෝගීන් ඉතාමත් වැඩි සංඛ්‍යාවක් තියෙද්දීත් අපි සමහර දේවල් ආරම්භ කිරීමට ඉඩදීලා තියනවා ජීවනෝපාය කියන එකේ වැදගත්කම ගැන කල්පනා කරලා ඉතිං මේ දෙක තුළනය කිරීමේදී රෝගීන් වැඩිවීම අනිවාර්යයි ඒක සිද්ධ වෙනවාමයි දැනටත් ඒක අපි දකිනවා.