.webp)
අපේ රටේ විතරයි ලෝකේ වැව් හදලා තියෙන්නේ. වැව් බැඳි රාජ්‍ය කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වැව් බැඳලා වැව් වලින් වැඩ කරගෙන අස්වද්දලා ආසියාවේ ධාන්‍යාගාරයට බවට පත් කළා අපේ රජවරු. ඒ වැව් ටික ප්‍රතිසංස්රණය කරන්න කිසි කෙනෙක් උත්සාහ දරන්නේ නැහැ. මම මේ බලයට පැමිණුන හැම එකාටම කියුවා, මේ අපේ රටේ වැව් ටික හදන්න කියලා. එකෙක්වත් ඒවා හිතට ගත්තේ නැහැ. මේ ඊයේ පෙරේදා තිස්සමහාරාමේ වැව හදන්න දීලා විදේශිකයන්ට. වැව හාරන්න. වැව් හාරන්නේ නැහැනේ. වැව් හාරලා තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට. එකතු වෙන්නේ මඩ මඩ ටික මඩ හොරොව්වෙන් පිටතට දැම්මම ඊට පස්සේ ඒක පොහොර හැටියටත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමයි ඒ වැව් ප්‍රතිසංස්කරණය කරන්නේ. ඉතින් මේක දන්න ගොවි මහත්වරු ඉන්නවා. ඉංජිනේරුවා දන්නේ නැහැ. ඉංජිනේරුවා දන්නේ බටහිර ක්‍රමයට. ඒ බටහිර ක්‍රමය තුළ ඒ වැව් හදන තාක්ෂණය නෑනේ. හැබැයි ගමේ ඉන්න ගොවියා දන්නවා වැව කොහොමද හදන්නේ කියලා තාක්ෂණය. අන්න ඒගොල්ලන්ගෙන් අහලා තමයි වැව් හදන්න ඕනේ. එහෙම නැතුව ජපන් හෝ චීන ඉංජිනේරුවන්ගෙන් එහෙම අහලා වැව් හදන්න බැහැ මේ රටේ. ඉතින් මේ ඉවුරු ටික සකස් කලොත් අපේ රටේ හරි ආකාරව අපේ රටේ ජල ප්රශ්නය, 75%ක්ම විසඳෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න දේශපාලනඥයින් ඉදිරිපත් වුනේ නැහැනේ. මහ වැව් ටික හදලා, ඒවත් ඔක්කොම හදලා නැහැ, කුඩා වැව් අමතක කළා. ඒ අර සුද්දාගේ පොතේ හැටියට වැඩ කරලා. බ්‍රෝහියර්ගේ. බ්‍රෝහියර් දන්නේ කොහොමද අපේ වැව් ටික ගැන. අපි හැම දෙයක්ම බටහිරින් ගන්න තමයි බලන්නේ
