එජාපයේ සහය ලැබුණු අම්පාර නගර සභාවේ අයවැය..

එජාපයේ සහයෙන් අම්පාර නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

by Staff writer 20-07-2021 | 9:09 PM

COLOMBO (News 1st) - පොදුජන පෙරමුණට බලය හිමි අම්පාර නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 09කින් සම්මත කර ගැනීමට අද(20) එක්සත් ජාතික පක්ෂයේ සහය හිමි විය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. පසුගිය වසරේ අයවැය පරාජයවීමෙන් පසුව ඒ වනවිට බලයේ සිටි සභාපතිවරයා ඉවත්කර නව සභාපතිවරයෙකු පත් කිරීමට පොදුජන පෙරමුණ පියවර ගත්තේ ය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරිය අයවැය සම්මත කර ගැනීමට සහය වූයේ පත් වූ නව සභාපතිවරයාටයි.