විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය කෙරේ..

උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය කෙරේ..

by Chathuranga Rajapaksha 20-07-2021 | 5:59 PM

COLOMBO (News 1st): බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් අද පරාජය විය.

යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 61කි. විපක්ෂව ලැබුණේ ඡන්ද 152පමණි. ඒ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජය කෙරිණි. විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය ඊයේ සහ අද පැවැත්විය.