by Staff writer 19-07-2021 | 6:07 PM
COLOMBO (News 1st) - 2020 සාමාන්‍ය පෙළ(O/L Exam) සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 28 සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සිසු දරු දැරියන් 169,000ක් පෙනී සිටීමට නියමිතය.
අමාත්‍යවරයා පැවසුවේ සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇත්තේ, සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නිසි වේලාවට පැවැත්විමට නොහැකි වීමෙන් බවය.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ ශිෂ්‍යත්ව විභාගයට ද දින නියම කර තිබේ.
ඒ අනුව, 2021 පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ලබන නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිතය.
2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වැනිදා සිට දෙසැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා පැවසී ය.
එමෙන්ම පළමු ශ්‍රේණීයට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය අගෝස්තු 07 වැනිදා දක්වා දීර්ඝ කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.