විපක්ෂයට ඕන විදිහට අපි ඉල්ලා අස් කරන්න සහයෝගයක් දෙන්නේ නෑ.. - සාගර කාරියවසම් ගම්මන්පිල ගැන කතා කරයි

by Staff writer 19-07-2021 | 10:59 PM

COLOMBO (News 1st) - තෙල්මිල වැඩි කළ අස්ථාවේ උදය ගම්මන්පිල මහතා දැඩි ලෙස විවේචනය කළ පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා දැන් දරණ ස්ථාවරය කුමක් ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා,
අපි පක්ෂයක් හැටියට දැනුම් දුන්නේ ඒ අවස්ථාවේ අපේ පක්ෂයේ මතය. අපේ පක්ෂයේ සාමාජිකයින්ගේ මතය. අපි ඉල්ලා අස්වෙන්න කිව්වට විපක්ෂයට ඕන විදිහට අපි ඉල්ලා අස් කරන්න සහයෝගයක් දෙන්නේ නෑ. ඒක අපේ පක්ෂයේ තීරණයක්. එතුමා ඉල්ලා අස් වෙනවා නම් ඒක වෙනම දෙයක්. නමුත් බලහත්කාරයෙන් විපක්ෂයට ඕන විදිහට ඉල්ලා ඉවත් කිරීමට අපි සහයෝගයක් ලබා දෙන්නේ නෑ. ඒක පක්ෂයේ තීරණය.
ප්‍රශ්නය,
ඒ කියන්නේ ඔබතුමන්ලා පක්ෂයක් විදිහට විශ්වාසභංගයට සහය දෙන්නේ නෑ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා,
නෑ පක්ෂයක් හැටියට අපි සහයෝගය නොදෙන්න අපි ඊයේ තීරණය කළා.
ප්‍රශ්නය,
ඔබතුමන්ලා ඇත්තටම ඒ ලිපියක් පළ කරලා විරෝධය පළ කළේ ජනතාව රවට්ටන්න නෙවෙයි ද? නාට්‍යක් නෙවෙයිද ඔබතුමන්ලා රඟ දැක්වූයේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා,
කිසිම ආකාරයකින් නාට්‍යක් නෙවෙයි ඒ රඟ දැක්වූයේ. අපි අපේ පක්ෂයේ මතය ඉදිරිපත් කළේ. අපේ පක්ෂය තමයි ලංකාවේ වැඩිම සාමජිකයින් පිරිසක් ඉන්න පක්ෂය. අපි අපේ පක්ෂයේ සාමාජිකයින්ගෙ හඬට කන් දුන්නා ඒ වෙලාවේ. අපේ පක්ෂයේ සාමාජිකයන්ගේ නියම අදහස තමයි අපි ඒ අවස්ථාවේ ඉදිරිපත් ක⁣ළේ.