අසරණ වූ පවුලක් වෙනුවෙන් ඉදිරිපත් වූ සජිත්..

රෝගී තත්ත්වයක් නිසා අසරණ වූ පවුලක් උකස් කර තිබූ සිය ඉඩම විපක්ෂ නායකගේ මැදිහත්වීමෙන් යළිත් ඔවුන්ට..

by Staff writer 19-07-2021 | 10:14 PM

COLOMBO (News 1st) - රෝගී තත්ත්වය නිසා පානදුර ප්‍රදේශයේ පවුලක් විසින් උකස් කර තිබූ ඉඩමක් නැවත ඔවුන්ට ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(19) පියවර ගෙන තිබේ.

ලසන්ත සමන් කුමාර සිල්වා මහතා සිය ඉඩම උකස් කර තිබුණේ, පැවති රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මුදල් ලබා ගැනීමේ අදහසිනි. ලසන්ත සමන් කුමාර,
මහත්තයාගේ මනුස්සකම හදවතේ තියෙනවා. අද මාගේ දරුවත් මාගේ නෝනත් මමත් මාගේ අම්මාත් අද මහ පාරේ මහත්තයා නැති වුණානම්. මම හදවතින්ම මහත්තයාට පිං දෙනවා. ඒවාගේ නිරෝගී සම්පත් ලැබෙනවා මහත්තයාගේ මවටත්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඕගොල්ලෝ ආවා මැයි 01 වෙනි දා මාගේ පියාගේ පිළිරුව ළඟට. ඒ ආපු වෙලාවේ මම පොරොන්දු වුණා ඉඩම බේරලා දෙනවා කියලා. මං මේක කරන්නේ මාගේ තාත්තාට පිං පමුණුවන්න. ක්ෂද්‍ර මූල්‍ය ණය බර උගුලේ දැනටත් සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මම පණිවුඩයක් ලබා දෙනවා මේ අවස්ථාවේ සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ඒ අයගේ ණය බර තුරන් කරන යුගය අපි ආරම්භ කරනවා.