by Staff writer 19-07-2021 | 6:41 PM
COLOMBO (News 1st) - රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලක 06වන මහලෙන් ඇඳවැටී, සැකකටයුතු ලෙස තරුණියක් මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, එහි වෛද්‍ය පීඨයේ කළමනාකාර සහයකවරියක් එලෙස මියගොස් ඇති බවය.
පානදුර ප්‍රදේශයේ පදිංචි එම තරුණිය මියයන විට 31 හැවිරිදි වියෙහි පසු විය.
මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ගල්කිස්ස පොලීසිය ප්‍රකාශ කළේය.