by Staff writer 19-07-2021 | 6:30 PM
COLOMBO (News 1st) - ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද විටින් විට පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවය.
එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින්, අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙයි.