තවත් රටවල් 03කට ICC සාමාජිකත්වය

තවත් රටවල් 03කට ICC සාමාජිකත්වය හිමිවෙයි

by Staff writer 19-07-2021 | 6:14 PM

COLOMBO (News 1st) - ස්විට්සර්ලන්තය, ටජිකිස්ථානය සහ මොංගෝලියාවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) සාමාජිකත්වය හිමිව තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණයට එළැඹ ඇත්තේ එම ආයතනයේ 78 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදීය. ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආසියානු කලාපීය 22 වැනි සහ 23 වැනි සාමාජික අංක මොංගෝලියාවට සහ තජිකිස්ථානයට හිමිව තිබේ. ස්විට්සර්ලන්තය, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකත්වය හිමි කරගෙන ඇත්තේ යුරෝපා කලාපයේ 35 වැනි රට ලෙසය.