COLOMBO (News 1st) - තම ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයන්වලින් ගුරුවරු හා විදුහල්පතිවරු ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර තමන් ඉදිරියේදී ගන්නා වෘත්තීය ක්‍රියා මාර්ග පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කෙරිණි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලිං මහතා,
දැනේ මේ ඔන්ලයින් කළේ කවුද? ඔන්ලයින් කළේ ගුරුවරු, විදුහල්පතිවරු තමන්ගේ මුදලින් ආණ්ඩුවෙන් ප්‍රතිපාදන වෙන් කරලා නෙවෙයි. ආණ්ඩුව කිසිම දෙයක් කරලා නෑ. දැන් කියනවා නම ක්‍රමවේදය. දැන් මොකක්ද ඒ අය කියන්නේ ඒ අය කියනවා පැහැදිලිවම අපිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ චැනල් 06 ක් පටන් ගන්නවා කියලා. අවුරුද්දකුයි මාස 04ක් ගියාට පස්සේ .මෙච්චරකල් මොකක්ද කළේ. කිසිම දෙයක් කලේ නෑ. අධ්‍යාපනය නගා සිටුවන්න කියලා ලෝක බැංකු ආධාරයක් දුන්නා රුපියල් මිලියන 980 ක්. ඒ ආධාරය ලබා දුන්නේ පැහැදිලිවම 2020 ජූලි මාසේ එතකොට 2021 ජූලි මාසේ වෙනකම් අවුරුද්දක් මේ ආධාරය අරගෙන මොකද කළේ. අපි දන්නවා දැන් වර්තමාන රජය ටැබ් 92,000ක් පාසල් පද්ධතියට මුදා හැරලා තියෙනවා. ටැබ් ටික ඇරලා මොකද කිව්වේ උපදේශයක් දෙනකම් තියා ගන්න කිව්වා ඉස්කෝලවල. තවමත් කබඩ්වල.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා,
පළමු පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 44,950 යි. අවුරුදු 15 ක් අවුරුදු 20 ක් වගේ ප්‍රමාණයක් අපි අහනවා මේ රටේ දෙමාපියන්ගෙන් ඒක සාධාරණන ද උපාධිධාරි ගුරුවරයෙකගේ වැටුප රුපියල් 32,200 යි. දවසකට 1073 යි. සාධාරණ නෑ. විද්‍යාපීඨ ගුරුවරයෙකු ලෙස එළියට එනකොට ඔහුගේ වැටුප රුපියල් 30,300 යි. ඒ නිසා තමයි අපිට සිදු වුණේ ඔන්ලයින්වලින් ඉවත් වීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වෙන්න. ලබන 20 අඟහරුවාදා අපිට සාකච්ඡාවක් ලබා දිලා තියෙනවා. ඒ සාකච්ඡාවේදි අපේ වැටුප් ප්‍රශ්නය විසඳිය යුතුයි.