by Staff writer 18-07-2021 | 4:07 PM
COLOMBO (News1st) : දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි බවය.
මේ අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.