COLOMBO (News 1st) - පසුගිය වසරේ මාර්තු 31 ට පෙර හෙළිදරව් නොකළ බදු ගෙවීම සඳහා සහනයක් ලබා දීමට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ, හෙළිදරව් නොකළ බදු වටිනාකමට, සමාන මුදලක් ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීමයි.
01. සමාගමක් විසින් නිකුත් කරන ලද කොටස්
02. මහ බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත්
03. ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් නිකුත් කරන ලද යම් ණය සුරැකුම්පත්
04. චංචල හෝ නිෂ්චල දේපොළ
අදාළ ආයෝජන අවස්ථා වේ.
මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් අදාළ ආයෝජන ලබන දෙසැම්බර් 31 වැනි දාට පෙර සිදු කළ හැකියි.
එසේ ආයෝජන නොකර යම් බදු හෙළිදරව් නොකළ අයෙකු එවා ස්වේච්චාවෙන් හෙළිදරව් කරන්නේ නම් එම ගෙවිය යුතු බදු ප්‍රමාණයට එකතුවන්නේ 1% අමතර අගයක් පමණයි.
මීට අමරතරව 2020 මාර්තු මස 31 වැනිදායින් අවසන්වෙන තක්සේරු වර්ෂය සඳහා යම් පුද්ගලයෙකුගේ ආදායම රුපියල් මිලියන 3 නොඉක්මවා තිබුණහොත් එවැනි අයෙකුගේ හෙළි නොකළ බදු මෙම පනත් කෙටුම්පත මගින් අහෝසි වනු ඇති.
සමගි ජන බලවේගයේ පා.ම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
ඒකේ කියන්නේ කිසි ප්‍රශ්නයක් අහන්නේ නැහැ මේ පිළිබඳව සොයා බලන්නේ නැහැ. මොකුත් නැහැ තමන් ඒ සියලු අනිත්‍යානූකූල වත්කම් නීත්‍යානුකුල කිරීම සඳහා ගැසට් එකක් ගහලා තියනවා හැබැයි මෙතන ගැටලුව තියෙන්නේ කාගේ සල්ලිද මේ එන්නේ දෙතුන් දෙනෙක්ගේ නොයෙකුත් පිටරට තියන කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර් තියනවාද දන්නේ නැහැ. එව්වා මෙහෙට ගේන්න වැඩපිළිවෙළක් ද දන්නේ නැහැ. මේ ගැන හොයලා බලන්න හැකියාවක් නැහැ කියලා නීතියෙන්ම කියනවා කිසිම විනිවිදභාවයක් නැහැ. ජාත්‍යන්තරය අප කෙරෙහි තියන විශ්වාසය පළුඳු වීමක් වෙන්න ඉඩ තියෙනවා කළු සල්ලි සුදු කරන ස්ථානයක් බවට මේක පරිවර්ථනය වෙයිද කියන සැකය තියෙනවා. අපි පොර්ට් සිටි පනත සම්බන්ධයෙන් අපි ගෙනාපු එක සංශෝධනයක් තමයි මේ සඳහා සුදුසු නීති පාර්ලිමේන්තු පනතට ඇතුල් කරන්නේ කියලා රජය ඒක පිළිගත්තේ නැහැ. ඒකයි මේකයි අතර සම්බන්ධයක් තියෙනවාද කියලා අපි දන්නේ නැහැ. පොර්ට් සිටි පනතින් පස්සේ මේක ගේන්නේ ඒකට ආදේශ කරන්නද කියලා අපි දන්නේ නෑ