KDU පනත හකුලා ගන්න - විපක්ෂ නායක ජනපතිගෙන් ඉල්ලයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත වහා හකුලා ගන්න - විපක්ෂ නායක ජනපතිගෙන් ඉල්ලයි

by Staff writer 18-07-2021 | 8:54 PM

COLOMBO (News 1st) - යෝජිත කොතලාවල ආරක්ෂක පනත වහාම හකුලා ගන්නා ලෙස ජනාධිපතිතුමාට බල කරන බව ද විපක්ෂ නායකවරයා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, මේ අතර කරුණු කිහිපයක් මත කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරුද්ධත්වය ප්‍රකාශ කරන බවය. ඔහු පවසන්නේ, යෝජිත පනත මගින් මෙරට නිදහස් අධ්‍යාපන ව්‍යුහයට හා එහි පැවැත්මට මරු පහරක් එල්ල කරවන බවය. ජනතාව දශක ගණනාවක් භුක්ති විඳි නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද කප්පාදු කිරීමට කටයුතු නොකරන ලෙස විපක්ෂ නායකවරයා පැවසීය. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, විධිමත් සාකච්ඡාවකින් හා සම්මුතියකින් තොරව විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට යාමෙන් මෙරට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරි බවට තල්ලු වී යා හැකි බවය. රජය හිතුවක්කාර මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට උත්සාහ කළහොත් මහා සංඝරත්නය ඇතුළු සියලු බලවේග සමග එක්ව එම උත්සාහය පරාජය කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.