by Staff writer 18-07-2021 | 8:29 PM
COLOMBO (News 1st) - ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොවිඩ්-19 එන්නත්කරණ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු ඉල්ලා අස් වී තිබේ.
මෙම සාමාජිකයින් ඉල්ලා අස් වී ඇත්තේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය ලබා දීමෙන් පසුවයි.
සාමාජිකයින් 08 දෙනෙකුගෙන් යුත් අදාළ කමිටුවේ ඉල්ලා අස් වී ඇත්තේ වෛද්‍ය රජීවද සිල්වා, වෛද්‍ය කාන්ති නානායක්කාර සහ මහාචාර්ය චන්න රණසිංහ යන අයයි.
ඉල්ලා අස්වීමට හේතු ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ, චීන නිෂ්පාදනයක් වන සිනොවැක් එන්නතට අනුමැතිය ලබාදීමට තමන් විරුද්ධ වී තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා දීම බවය.
කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය හමුවේ, සිනොවැක් එන්නත දුර්වලතම එන්නතක් බව කොවිඩ්-19 එන්නත පිළිබඳ විශේෂඥ කමිටුව නිගමනය කර ඇති බව වාර්තා වේ.
එම වාර්තා තවදුරටත් පෙන්වා දෙන්නේ, සිනොවැක් එන්නතේ මාත්‍රා 02ක් ලබා දී මාස 06 කට පසුව තෙවන එන්නතක් ද ලබා දිය යුතු බවය.