ඉන්දු - ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අදයි..

ඉන්දු - ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අදයි: ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට සූදානම් - දසුන් ශානක

by Staff writer 18-07-2021 | 11:51 AM

COLOMBO (News 1st): ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.

දෙරට අතර තරගාවලියේ පළමු එක්දින තරගය අද(18) සවස 3.00ට කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා - ඉන්දියා ක්‍රිකට් තරගාවලිය එක්දින තරග 03කින් සහ පන්දුවාර 20යි 20 තරග 03කින් සමන්විතය. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් දින තරග 159න් තරග 91ක් ඉන්දියාව ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග ගණන 56කි. එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන්ව ඇති අතර තවත් තරග 11ක් තීරණයකින් තොරව නිමා වී තිබේ. ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක
අපේ සීනියර් ප්ලේයර්ස්ලා කවුරුත් නෑ මෙතෙන. ඇත්තටම එහෙම නෑ කියලා අධෛර්යමත් වෙන්නේ නෑ. මොකද මෙතෙන ඉන්න ක්‍රීඩකයෝ සියලු දෙනාම දක්ෂතා දක්වපු ක්‍රීඩකයො ඉන්නේ. ඉස්සරහට යනකොට සීනියර් ප්ලේයර්ස්ලගේ වටිනාකමක් තියෙනවා. මොකද ඔවුන්ගේ අත්දැකීම් තුළින් තමයි තරුණ ක්‍රීඩකයින් ඉගෙන ගන්නේ. මේ අවස්ථාවේදී ඒක නැති වුණා කියලා අපිට ක්‍රිකට් පල්ලෙහාට දාන්න බෑ. අපි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් සෙල්ලම් කරද්දි අපේ ස්ටෑන්ඩර්ඩ් තියෙනනේ ඕනේ. මං හිතන්නේ එක දිගට අවුරුද්දක් දෙකක් නායකත්වය දෙන කෙනාට ඒක දීලා තියන්න ඕනේ. එන කැප්ටන් කවුරු වුණත් මං හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් වේවි. මට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම හොඳ තරගාවලියක් ලබා දෙනවා කියලා විශ්වාසයක් තියෙනවා මට. මම ප්ලේයර්ස්ලා ගොඩක් ට්‍රස්ට් කරනවා. ඒ ගොල්ලන්ට ගොඩක් කතා කරා මේක වෙන්න ඕනේ කොහොමද කියලා.