රට විවෘත කිරීමට රජයේ ප්‍රමුඛතාව දෙනවා - මුදල් ඇමති

රජයටත්, ජනතාවටත් මුදල් එන ක්‍රමවේද සක්‍රීයවීමට නම්, හැකි ඉක්මණින් රට විවෘත කළ යුතුයි - බැසිල් රාජපක්ෂ

by Staff writer 17-07-2021 | 8:37 PM

COLOMBO (News 1st): රට විවෘත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය ප්‍රමුඛතාවය දී ඇති අතර නිසි ආර්ථික කළමනාකරණයක් තුළින් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද(17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති පළාත් පාලන ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය. කිහිපවතාවක් රට වසා දැමීම නිසා දේශිය සහ විදේශීය රජයට මුදල් ලැබුණු ක්‍රමවේද අවහිරව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා පැවසුවේ රජයටත්, ජනතාවටත් මුදල් ගලාඒමේ ක්‍රමවේද සක්‍රීයවීමට නම් හැකි ඉක්මණින් රට විවෘත කළ යුතු බවය. යුද්ධයක් පවතින අවස්ථාවේ රටේ පැවතියේ ඩොලර් බිලියන 1.2ක සංචිතයක් පමණක් පෙන්වා දුන් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, වර්තමානයේ බිලියන 04ක පමණ සංචිතයක් පවතින හෙයින් නිසි කළමනාකරණයක් තුළින් වත්මන් ආර්ථික අර්බුද විසඳා ගැනීමේ හැකියාව පවතින බවය. ඩොලරයේ මිල ඉහළ යාම කෙරෙහි බොරු ප්‍රචාර බලපා ඇතැයි පෙන්වා දුන් මුදල් අමාත්‍යවරයා, පැවසුවේ තමන් මෙම තත්ත්වයට මුහුණදීම සඳහා සූදානමින් සිටින බවය.