COLOMBO (News 1st) - කොවිඩ් සමයේ සංචාරකයින් සඳහා වසා දැමුණු යාල ජාතික වනෝද්‍යානය ඊයේ(16) සිට සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව විදෙස් සංචාරකයින්ට පමණක් ඇතුළු විය හැකි පරිදි විවෘත කෙරිණි.
යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළේය.
ඉතා කඩිනමින්ම දේශීය සංචරකයින්ටත් යාල ජාතික වනෝද්‍යානය විවෘත කිරීමට අපේක්ෂා කරනවා.මං හිතන්නේ දැන් යාල ජාතික වනෝද්‍යානය තුළ යටිතල පහසුකම් දියුණු කරමින් පසුගිය කාලය තුළ මාර්ග පද්ධතිය වැඩි දියුණු කරමින් සංචාරකයන්ට පහසු වන පරිදි සංචාරක පහසුකම් වැඩි දියුණු කළා. ඒ නිසා මං හිතනවා ඉදිරියේදී දේශීය සංචරකයන්ටත් යාල ජාතික වනෝද්‍යානය විවෘත වුණාට පසුව ඉතා හොඳ සංචාරක කේන්ද්‍රස්ථානයක් වෙයි කියලා යාල ජාතික උද්‍යානය
මෙසේ වනෝද්‍යානය විවෘත කෙරුණේ, යාල වනෝද්‍යානයේ අක්කර 12,000ක් විනාශ කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බවට විපක්ෂ ඇතුළු පාර්ශව රැසක් චෝදනා කරන පසුබිමකදීය.
සිතුල්පව්ව සිට ආකාශ චෛත්‍ය දක්වා සිදු කිරීමට යෝජිත ඉදිකිරීමක් පිළීබඳව ද කරුණු අනාවරණය විය.
මෙම ගැටළුව සම්බන්ධයෙන් යාල ජාතික වනෝද්‍යානයේ සංචාරක කර්මාන්තයේ යෙදෙන පිරිස් ද සිය අදහස් පළ කළේය.
යාල ජිප් රථ සංගමයේ ලේකම් සම්පත් ගලප්පත්ති මහතා,
යාල ජාතික වනෝද්‍යානයේ ආකාශ චෛත්‍ය පිටස්තර ආයතනයකට වන ජීවී එකෙන් පරිභාහිරව පිටස්තර ආයතනයකට පවරා දෙන්න කියලා වෙනත් ප්‍රතිසංස්කරණ කටයුත්තක් කරන්න කියලා ලැබුණ ලිපියේ පිටපතක් පවා අපිට ලැබිලා තියෙනවා මේ වෙනකොට එහි සදහන් වෙන ආකාරයට මේ තුළ කෘතිමව හෝ ගල් වැලි සිමෙන්ති ආදී වචන මේ නිකුත් කරපු ලිපියේ සඳහන් වෙනවා. අපිට සැකයක් තියෙනවා මේ වනජිවී දෙපාර්තුමේන්තුවට අයත් ලෝකයම පිළිගත් ලෝක උරුමයක් බවට ඉදිරියේදී නම් වීමට නියමිත යාල ජාතික වනෝද්‍යානයේ යම් කිසි ඉදිකිරීමක් කරලා සතුන්ටම වෙන්වුණ මේ පාරාදීසය යම්කිසි හානියකට ලක් කරන්නට කිසියම් පිරිසක් උත්සාහ කරනවා කියලා.
තරිදු ඉමාන් ජයසිංහ මහතා (යාල මිතුරු සංසදය)
අපි මෙතන සංගම් 04ක් ම ඉදිරිපත් වෙලා නැගී සිටිනවා මෙයට විරුද්ධව යාල වෙනුවෙන්. යාලට අත තියන්න එපා. යාල අපේ රැකගෙන එන උරුමයක්. මේ යාල අපිට නැති කරන්න එපා කියලා මං ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම.