ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු

by Staff writer 17-07-2021 | 5:40 PM

COLOMBO (News 1st) - මන්නාරම, මුලතිව්, වව්නියාව, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම තත්ත්වය අද රාත්‍රිය දක්වා බලපැවැත්වෙන බවය. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 - 70 දක්වා ඉහළ යා හැකි වේ. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමිටර් 50 පමණ දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.