දියණියන් දෙදෙනා අපයෝජනය කළ පියෙකු අත්අඩංගුවට

තම දියණියන් දෙදෙනා ලිංගික අපයෝජනයට ලක් කළ 36 හැවිරිදි පියෙකු අත්අඩංගුවට

by Staff writer 17-07-2021 | 6:15 PM

COLOMBO (News 1st) - තම දියණියන් දෙදෙනා ලිංගික අපයෝජනයට ලක් කළ 36 හැවිරිදි පියෙකු ඇල්ල, දෙමෝදරදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම දියණියන් දෙදෙනා ගැබ් ගෙන ඇති බවය. ඔවුන් අවුරුදු 12 සහ 14 වියේ පසුවේ. උදරාබාධයක් හේතුවෙන් එම දැරියන් දෙදෙනා බදුල්ල රෝහලට ගොස් කළ පරීක්ෂාවකදී ඔවුන් ගැබ් ගෙන ඇති බවට අනාවරණ වී තිබේ. ඉන් අනතුරුව කළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.