ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තයි

ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තයි - අමෙරිකානු සෞඛ්‍ය අංශ

by Staff writer 17-07-2021 | 9:34 AM

COLOMBO (News1st) : ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරාම ව්‍යාප්ත වී ඇතැයි අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන පවසයි.

එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් අ‌මෙරිකාව තුළ යළිත් වරක් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් ඇති බවය. රට තුළ එන්නත්කරණය අඛණ්ඩව සිදු වුවත් පසුගිය සතියට සාපේක්ෂව මරණ සංඛ්‍යාව 26%කින් ඉහළ ගොස් ඇතැයි අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ රොචෙල් වැලෙන්ස්කි මාධ්‍ය හමුවකදී පැවසුවේ ය. පසුගිය සතියට සාපේක්ෂව අමෙරිකාව තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමද 76% කින් ඉහළ ගොස් තිබේ.