ඔස්ට්‍රේලියාවට එරෙහි කොදෙව්වන්ට සුපිරි ජයක්..

ඔස්ට්‍රේලියාවට එරෙහි T20 තරගාවලිය: කොදෙව්වන්ට තරග 4ට 1ක ජයක්

by Staff writer 17-07-2021 | 2:26 PM

COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග 4ට 1ක් ලෙස අද ජය ගත්තේ ය.

අද පැවැති තරගාවලියේ පස්වැනි තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 16 කින් ය. ශාන්ත ලුසියාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 199කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 183ක් පමණි.