නිලූක සහ ටෙහානි ටෝකියෝ බලා පිටත්ව යයි

ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ටෝකියෝ බලා පිටත්ව යයි..

by Staff writer 17-07-2021 | 12:20 PM

COLOMBO (News 1st) –  මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් දිවයිනෙන් පිටත්ව ගියේ ය.

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගී වේ. මලල ක්‍රීඩා ඉසව්වලින් දෙදෙනෙක්, පිහිනුම් ඉසව්වෙන් දෙදෙනෙක්, ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්, ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් ක්‍රීඩිකාවක්, අශ්වාරෝහක ඉසව්වෙන් ක්‍රීඩිකාවක්, ජූඩෝ ක්‍රීඩකයෙක් සහ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් ඊට ඇතුළත් ය. ඒ අනුව ඊයේ(16) දිනයේදී ජපානය බලා ගිය ක්‍රීඩක පිරිසට බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සහ ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල ඇතුළත් විය. ලබන 23 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වෙන ක්‍රීඩා උළෙලට ලොව විවිධ රටවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත ය.