home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල විශ්වවිද්‍යාලය ඒ යටතට ගේනවා - ජනපති
by Staff writer
17-07-2021 | 11:55 AM
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා(UGC) පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, බෞද්ධ උපදේශක සභාව ඊයේ(16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදී ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කොඩිඩ් එන්නත්කරණය ඇතුළුව රජය ගෙන යන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීම මෙහි අරමුණ වූ බවය. රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව ද ජනාධිපතිතුමා එහිදි පෙන්වා දී තිබේ. උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුතු මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහි විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ජනාධිපතිවරයා පැවසුවේ, එන්නත්කරණ වැඩසටහන යටතේ අගෝස්තු මාසය අවසන් වීමට පෙර අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට මාත්‍රා දෙකම ලබා දී අවසන් කළ හැකි බවය. ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට එන්නත්කරණ වැඩසටහන ඇගයීමට ලක් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ. ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එන්නත්කරණයෙන් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත් වී ඇති බවය. https://www.youtube.com/watch?v=dwUhyzfPLRk
වෙනත් ලිපි
කෙහෙල්බද්දර පද්මේ ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්..
දිවයිනේ සියලු පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක්
කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 10ක ජල කප්පාදුවක්.
නුගේගොඩදී වෙඩි නොවදින මෝටර් රථයක් සොයා ගනී
ඉෂාරාට සහය වූ ආනන්දන් සතුව තිබි පිස්තෝල දෙකක්...
නොවැම්බර් මාසයේදී ආර්ථික සංගණනයක්
විශේෂාංග
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය