T20ලෝක කුසලානය:ලංකාවට සුදුසුකම් ලබා ගැනීමේ තරග 3ක්

T20 ලෝක කුසලානයේ තරග පැවැත්වෙන කාණ්ඩ නම් කෙරේ: ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමේ තරග 3ක්..

by Staff writer 16-07-2021 | 8:38 PM

COLOMBO (News 1st): මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, තරග පැවැත්වෙන කාණ්ඩ අද(16) අන්තර්ජාතික ක්‍රිකට්ක වුන්සිලය(ICC) නිවේදනය කළේය.

ඒ අනුව, කණ්ඩායම් 12ක් කාණ්ඩ 2 කින් ලෝක කුසලානයට එක් වීමට නියමිතය. පළමු කාණ්ඩයෙන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරග වදී. ඉන්දියාව, පකිස්ථානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය තරග වදින්නේ දෙවැනි කාණ්ඩයෙනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට, මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලානයට පෙර සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට සිදුවේ. සුදුසුකම් ලබා ගැනීමේ අදියරේදී ශ්‍රී ලංකාව "A" කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට ඇතුළත්ව සිටින අනෙකුත් රටවල් වන්නේ අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාවයි. අනෙක් සුදුසුකම් ලබා ගැනීමේ අදියර සඳහා "B" කාණ්ඩයෙන් බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ ඕමානය තරග වදී මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී පැවැත්වීමට නියමිතය.