හෙට සිට අන්තර් පළාත් බස්,දුම්රිය සේවා නවතී..

හෙට(17) සිට අගෝස්තු 01 වැනිදා දක්වා අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා නතර කෙරේ..

by Staff writer 16-07-2021 | 3:59 PM

COLOMBO (News1st) : අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා හෙට(01) සිට යළි අත්හිටුවන බව, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන අගෝස්තු 01 වැනිදා දක්වා එම සේවා නතර කරන බවය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,
අන්තර් පළාත්, ඒ කියන්නේ පළාත් අතර පහුගිය කාලේ දැන් දවස් දෙක තුනක් අපි සීමිත බස් රථ ප්‍රමාණයක් 15වැනිදා සිට අද දක්වා සීමිත බස් රථ ප්‍රමාණයක් අපි ධාවනය කෙරුවා. නමුත් මේ බස් රථවල බහුතරයක් ඒ මගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය කියපු ආකාරයේ කියපු ආකාරයේ මගීන් බවට පවත්වාගෙන යන්න අපිට නොහැකි වුණා. ඒ නිසාම තමයි අපට ඒක නැවත අත්හිටුවන්න සිද්ධ වෙන්නේ. කෙසේ වෙතත් අගෝස්තු 01වැනිදායින් පසු නැවත එය සක්‍රිය කරන්න අපිට මේ වෙනකොටම අවසරය දීලා තියෙනවා. දුම්රියටත් එසේම බලපානවා. ඩෙල්ටා ප්‍රභේදය කොළඹ ආශ්‍රිතව අනිත් නැත්වලට සාපේක්ෂව වැඩිපුර තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය කියන කාරනය පදනම් කරගෙන අත්‍යවශ්‍ය නොවන මගීන් එහා මෙහා යාම තුළ මෙය ගමට ව්‍යාප්ත විය හැකි කියන කාරණය මත තමයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.